එක් කණ්ඩායමක මුදල් වර්ග එකකට වඩා භාවිත කළ හැකිද?

ඔව්. සෑම කණ්ඩායමකටම පෙරනිමි මුදල් වර්ගයක් ඇති අතර, සෑම වියදමකටම වෙනත් එකක් භාවිත කළ හැක. විදේශ සංචාරවලදී මෙය ප්‍රයෝජනවත් වේ.

පියවර

  1. වියදමක් එක් කරන විට හෝ සංස්කරණය කරන විට, මුදල අසල ඇති මුදල් සංකේතය තට්ටු කර මුදල් වර්ගයක් තෝරන්න.
  2. කණ්ඩායමේ පෙරනිමිය වෙනස් කිරීමට, කණ්ඩායම් සැකසීම් (Group settings) විවෘත කර පෙරනිමි මුදල් වර්ගය (Default currency) තට්ටු කරන්න. එය වෙනස් කළ හැක්කේ කණ්ඩායම් පරිපාලකයින්ට පමණි.

SplitEase මුදල් වර්ග අතර පරිවර්තනය නොකරයි. ශේෂ සහ පියවිය යුතු මුදල් එක් එක් මුදල් වර්ගය සඳහා වෙන වෙනම පෙන්වයි.

නව කණ්ඩායම්වල මුදල් වර්ගය පැතිකඩ (Profile) → මුදල් වර්ගය (Currency) වෙතින් ලැබේ.

SplitEase යෙදුම තවමත් සිංහලෙන් ලබා ගත නොහැක. වරහන් තුළ ඇති බොත්තම් නම් තිරයේ ඔබට ඉංග්‍රීසියෙන් පෙනෙන ඒවාය.

ආශ්‍රිත ප්‍රශ්න

තවමත් උදව් අවශ්‍යද?

අපට ලියන්න, SplitEase කණ්ඩායමේ කෙනෙක් ඔබට පිළිතුරු දෙනු ඇත.

සහාය අමතන්න
භාෂාව: සිංහල