SplitEase+

පුනරාවර්තන වියදමක් සකසන්නේ කෙසේද?

පුනරාවර්තන වියදමක් එහි දිනයේදී, ඔබ සැකසූ ආකාරයට බෙදා, ස්වයංක්‍රීයව කණ්ඩායමට එක් කෙරේ. එය SplitEase+ හි කොටසකි.

පියවර

  1. කණ්ඩායම විවෘත කර, පසුව කණ්ඩායම් සැකසීම් (Group settings) විවෘත කරන්න.
  2. පුනරාවර්තන වියදම් (Recurring expenses) තට්ටු කර, පසුව එක් කරන්න (Add) තට්ටු කරන්න.
  3. මුදල, ගෙවන්නේ කවුද සහ බෙදන්නේ කෙසේද යන්න ඇතුළත් කර, එය කොපමණ වාරයක් පුනරාවර්තනය විය යුතුද යන්න තෝරන්න: දිනපතා, සතිපතා, මාසිකව හෝ වාර්ෂිකව.
  4. සුරකින්න (Save) තට්ටු කරන්න.

එක් වාරයක් මඟහැරීමට, පුනරාවර්තන වියදම විවෘත කර ඊළඟ වාරය මඟහරින්න (Skip the next occurrence) තට්ටු කරන්න. ඉන්පසු කාලසටහන සුපුරුදු පරිදි දිගටම පවතී.

SplitEase යෙදුම තවමත් සිංහලෙන් ලබා ගත නොහැක. වරහන් තුළ ඇති බොත්තම් නම් තිරයේ ඔබට ඉංග්‍රීසියෙන් පෙනෙන ඒවාය.

ආශ්‍රිත ප්‍රශ්න

තවමත් උදව් අවශ්‍යද?

අපට ලියන්න, SplitEase කණ්ඩායමේ කෙනෙක් ඔබට පිළිතුරු දෙනු ඇත.

සහාය අමතන්න
භාෂාව: සිංහල